ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සුරක්ෂිත කිරීම සඳහා ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙම මෙහෙයුම් මැදිරිය වෙත ජාතික ආරක්ෂාව සහ මහජන සාමය කඩවන අයුරින් සිදුවන සිද්ධීන් සම්බන්ධයෙන් මහජනතාවට තොරතුරු ලබාදීමේ හැකියාව පවතින අතර තොරතුරු ලබාදෙනු ලබන පුද්ගලයින්ගේ අනන්‍යතාව හෙළි නොකරන බවත් ඔවුන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කරන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා සදහන් කලේ.
මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. ඒ අනුව 011 2 580 518, 011 2 058 552 යන දුරකතන අංකවලට සහ 011 2 588 499 යන ෆැක්ස් අංකයට අදාල තොරතුරු ලබා දීමේ හැකියාව පවතිනවා.