News Line| Off Air
Generic placeholder image

Jan
7

ශ්‍රී ලංකන් ගුවන් යානාවල මගීන්ට ඩුබායි වතුර නවත්වයි

1087 Views


ශ්‍රී ලංකන් ගුවන් යානාවල මගීන්ට ඩුබායි වතුර නවත්වයි

ශ්‍රී ලංකන් ගුවන් යානාවල ගමන් කරන මගීන් සදහා ලබාදෙන කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර කෝප්ප (Water Cup) ඩුබායි සමාගමකින් මිල දී ගැනීම කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අත්හිටුවා තිබෙනවා.

මෙම කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර කෝප්ප (Water Cup) මෙරට නිෂ්පාදනය නොකරන නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම ප්ලාස්ටික් වතුර කෝප්ප වතුර ද සමග මිලට ගෙන ඇත්තේ ඩුබායි සමාගමකින්.

එවැනි වතුර සහිත ප්ලාස්ටික් කෝප්ප මිලියන 03 ක් වසරකට ශ්‍රී ලංකන් සමාගම මිලදි ගනු ලබනවා. ඒ එකක් ඩොලර් 7.80 කටයි. වසරකට දෙවරක් මෙම වතුර සහික ප්ලාස්ටික් කප් මිලියන 03 ක් ශ්‍රි ලංකන් ගුවන් සමාගම මිලට ගනු ලබනවා.

නව රජයේ පරිසර හිතකාමි ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකන් ගුවන් යානාවල ප්ලාස්ටික් කප් මින් ඉදිරියට භාවිතා නොකීරීමටද තීරණය කර තිබෙනවා.

ඒ අනුව දේශීය සමාගමකින් සුදුසු කුඩා කෝප්ප සහ වතුර මිලදි ගෙන ගුවන් මගීන්ට ලබා දීමට නියමිතයි.

ශ්‍රී ලංකන් සමාගමේ මිල දී ගැනීම් වලදි දේශීය කර්මාන්තකරුවන්ට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගිය දා උපදෙස් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post