News Line| Off Air
Generic placeholder image

Jan
8

හමුදා ක්‍රියාමාර්ග ගන්නේ නැහැ අපි ඉරානයට සුභ පතනවා ශක්තිමත් අනාගතයක් බිහිකර ගන්න – ජනපති ට්‍රම්ප් ජාතිය අමතමින් කියයි

4042 Views


හමුදා ක්‍රියාමාර්ග ගන්නේ නැහැ අපි ඉරානයට සුභ පතනවා ශක්තිමත් අනාගතයක් බිහිකර ගන්න – ජනපති ට්‍රම්ප් ජාතිය අමතමින් කියයි

තමාට තවදුරටත් ඉරානයට එරෙහිව ඇමරිකානු මිලිටරි බලය භාවිතා කිරීමට අවශ්‍ය නැති බවත්, න්‍යෂ්ටික වැඩපිළිවෙල අත්හැර ත්‍රස්තවාදීන්ට සහාය දීම නතර කරන ලෙස එහි නායකයින්ට බල කිරීම සඳහා නව සම්බාධක පැනවීමට කටයුතු කරන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා ජාතිය අමතමින් මීට සුලු මොහොතකට පෙර කියා සිටියා.

මැදපෙරදිග පුරා එක්සත් ජනපද සහ මිත්‍ර හමුදා දහස් ගණනක් ඝාතනය කිරීමට සහ අහානි කිරීම සම්බන්ධයෙන් ගෞරවයට පාත්‍ර වූ ජෙනරාල් කසෙම් සුලෙයිමනී විශාල, බලවත්, නිවැරදි, මාරාන්තික හා වේගවත් මිසයිල භාවිතයෙන් ඝාතනය කිරීමෙන් පිළිබදව ලෝකය ඉතා සතුටට පත්විය යුතු බවයි ට්‍රම්ප් පැවසුවේ.

ඊට පලිගැනීමක් ලෙස නම් කර බැලැස්ටික් මිසයිල 22කින් පහර දී එකදු සෙබලෙක්වත් ඝාතනය කිරීමට ඉරානය අසමත් වීම තුලින් ඔවුන්ගේ නැගී සිටීම පෙන්නුම් කරන බවයි ජාතිය අමතමින් ට්‍රම්ප් කියා සිටියේ. එමෙන්ම ඉදිරියේදී ඉරානයට ශක්තිමත් අනාගතයක් කරා යෑමට තමන් සුභ පතන බවත්, ඕනෑම අවස්තාවක ක්‍රියාතමක වීමට තම හමුදා සීරුවෙන් තබා ඇති බවත් ලෝකයේ බලවත්ම හමුදාව තමන් සතු බවත් ට්‍රම්ප් පවසා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post