තම නිවසින් සොයාගත් දුරකථන සංවාද හඩපට නඩු භාණ්ඩ බවට පත්කර තිබියදී ඒවා මාධ්‍ය ආයතන වෙත ලැබුණු ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මිරිහාන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර මේ පිළිබඳ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයටද රන්ජන් රාමනායක මහතා විසින් අද මෝසමක් ඉදිරිපත් කරනු ලැබුවා.
මේ වනතෙක් පොලිසිය විසින් අදාල හඩපට අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව මහේස්ත්‍රාත්වරයා එහිදී දැනුම් දුන් බව රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආශා කහවත්තගේ මහත්මිය මාධ්‍ය වෙත අදහස් පළ කළා.