නීති විරෝධී පන්දු යැවීමේ ඉරියව් හේතුවෙන් ඔස්ට්‍රේලියානු පිටදඟ පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් ගේල්ගේ පන්දු යැවීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ක්‍රිස් ගේල් 20/20 බිග් බෑෂ් තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම නියෝජනය කළා.
පසුගියදා සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම සහ මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව දෝෂසහිත බවට විනිසුරුවරුන් තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානය සිදුකළ පරික්ෂක්ණයේදී අනාවරණය වීමත් සමඟ එම අත්හිටුවිම සිදුකර ඇති බව සදහන්.
ඒ අනුව බිග් බෑෂ් තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම නියෝජනය අද (08) රාත්‍රී පැවැත්වීමට නියමිත තරගය සදහා ක්‍රිස් ගේල් තරග නොකරන බව වාර්තා වනවා.