News Line| Off Air
Generic placeholder image

Jan
8

පාසල් නිල ඇඳුම් වවුචර් අද සිට නිකුත් කෙරේ

614 Views


පාසල් නිල ඇඳුම් වවුචර් අද සිට නිකුත් කෙරේ

අද සිට සියලූ පාසල් දරුවන්ට නිල ඇඳුම් වවුචර් ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරනවා. ඒ අනුව මේ වන විට ඊට අදාල
නිල ඇඳුම් වවුචර් බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් කර තිබෙන බව වැඩි දුරටත් අමාත්‍යංශය සදහන් කළා.

ඛාණ්ඩ 11 ක් යටතේ මෙම නිල ඇඳුම් වවුචර් ලබා දෙන බවත් රුපියල් 440 සිට රුපියල් 1,800 දක්වා සිසුන්ගේ ශ්‍රේණි මට්ටම් අනුව වවුචර්වල වටිනාකම තීරණය කර තිබෙනවා.

එමෙන්ම දුෂ්කර පාසල්වල දරුවන් වෙත පාවහන් මිලදී ගැනීම සඳහා ද වවුචර් පත් ලබාදීමටත් අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post