News Line| Off Air
Generic placeholder image

Jan
8

ඉරානයෙන් ඇමෙරිකා කදවුර දෙකකට මිසයිල ප්‍රහාර

1715 Views


ඉරානයෙන් ඇමෙරිකා කදවුර දෙකකට මිසයිල ප්‍රහාර

පසුගිය දවසක අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ නියෝග මත ඉරාන යුධ ප්‍රධානි සුලේයිමාන් ඝාතනයේ පලිගැනීමක් ලෙස ඉරානයෙන් ඇමෙරිකානු කදවුරු දෙකක් වෙත බ්ලැස්ටික් මිසයිල 12 කට වැඩි ප්‍රමානයක් එල්ල කර තිබෙනවා.

මෙලෙස ප්‍රහාරයට ලක්වී ඇත්තේ ඉරාකයේ පිහිටි අල් අසද් ගුවන් හමුදා කදවුර සහ ඒර්බ් නමින් හදුන්වන ඇමෙරිකානු කදවුරයි. මෙම ප්‍රහාරයෙන් සිදු වී ඇති හානිය මෙතෙක් පෙන්ටගනයෙන් නිල වශයෙන් දන්වා නැහැ. ධවල මන්දිර ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් වාර්තා සදහන් කර තිබුණේ ජනපති ට්‍ර්ම්ප් ඉදිරියේදී ජාතිය ඇමතීමට සුදානමමින් සිටින බවයි.

මේ අතර ඊයේ දිනයේදී ඉරාන පාර්ලිමේන්තුවේදී ඇමෙරිකානු හමුදාව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස පිළිගන්නා යෝජනාවක් සම්මත කර තිබෙනවා. එමෙන්ම ට්‍රම්ප්ගේ හිසට ඩොලර් මිලියන 80 ක් ලබා දෙන බවත් ඉරාන නායකයා පවසා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post