ඉරානයේ උත්තරීතර නායක අයිතුල්ලා අල් කමේනි ටෙහෙරාන් නුවරදී ජාතිය අමතමින් පවසා සිටියේ ඇමෙරිකානු යුධ හමුදා කදවුරු දෙකකට එල්ල කළ බැලැස්ටික් මිසයිල ප‍්‍රහාරය තමා හදුන්වන්නේ ඇමෙරිකානුවන්ගේ මුහුණට පහරක් එල්ල කිරීමට සමාන කිරීමක් වශයෙන් බවයි.
එම ප‍්‍රහාරය ප‍්‍රමාණවත් ප‍්‍රහාරයක් ලෙස නොසලකන බවත් ඔහු පවසා තිබුණා.
තමන්ගේ යුධ ප‍්‍රධානී සුලෙයිමාන් ඝාතනය කිරීමට එරෙහිව තවත් ඇමෙරිකානු ඉලක්ක සීයයකට පහර දෙන බව ඉරාන නායකයා කියා සිටියා.
එක්සත් ජනපදයේ දූෂිත පැවැත්ම අවසන් කළ යුතු කාලය එළඹ ඇතැයි පැවසූ ඉරාන නායකයා ඊයේ දින එල්ල කළ මිසයිල ප‍්‍රහාර වලින් ඇමෙරිකානු ත‍්‍රස්ථවාදීන් 80 දෙනෙකු පමණ මියගොස් ඇතැයි පවසා සිටියා.
නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය පවසන්නේ ඊයේ ප‍්‍රහාරයෙන් කිසිදු ඇමෙරිකානු සෙබලෙකුට හානියක් සිදු නොවූ බවයි.
ඉරාන නායකයා ජාතිය අමතන විටදී ඉරාන වැසියන් “ඇමෙරිකාවට මරණය” යනුවෙන් හඩ නැගූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.