පාලනය කළ නොහැකි ලෙස ප්‍රාන්තය තුළ පැතිර යමින් තිබෙන ලැව්ගිනි හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට යළිත් වරක් ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ප්‍රාන්තය හරහා හමා යන ප්‍රබල සුළං ප්‍රවාහයන් සහ වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට (10) දිනයේදී ලැව්ගිනි තවදුරටත් දරුණු ලෙස ව්‍යාප්ත වෙනු ඇති බවට කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා.
ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට පැතිර යමින් ඇති මෙම ලැව්ගිනි හමුවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ පමණක් හෙක්ටයාර මිලියන 1.2 ක භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.