News Line| Off Air
Generic placeholder image

Jan
9

අනතුරට පත් යානයේ කළු පෙට්ටිය ඇමෙරිකාවට නොදෙන බවට ඉරානයෙන් ප්‍රකාශයක්

1769 Views


අනතුරට පත් යානයේ කළු පෙට්ටිය ඇමෙරිකාවට නොදෙන බවට ඉරානයෙන් ප්‍රකාශයක්

මගින් 176 දෙනකු ජිවිතක්ෂයට පත් කරමින් ඉරානයේ ටෙහෙරාන් අගනුවරට කඩා වැටුණු බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයට අයත් කළු පෙට්ටිය අනතුරු පිළිබද පරීක්ෂණ සඳහා බෝයිං සමාගමට හෝ ඇමෙරිකාවට ලබා නොදෙන බව ඉරානය අවධාරනය කරනවා.

මෙම ගුවන් යානය හදිස්සියේ කඩා වැටුණේ අමෙරිකාවට අයත් හමුදා කදවුර දෙකකට ඉරානය විසින් බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර සුළු වේලාවකින් පසුවයි.

කෙසේ නමුත් ඉරානය මෙසේ ක්‍රියා කිරීම ජාත්‍යන්තර ගුවන් තරණ නීතිරෙගුලාසි කඩ කිරීමක් ලෙසයි විචාරකයින් පෙන්වා දෙන්නේ. යානයක කළු පෙට්ටියක් පරීක්ෂා කිරීමේ අයිතිය ඇත්තේ ඉතා සුළු පිරිසකට වන අතර විශේෂයෙන්ම යානයේ නිෂ්පාදක රටට එහි පළමු තැන හිමි වෙනවා. ඒ අනුව මේ යානයේ නිෂ්පාදක රට වන්නේ ඇමෙරික එක්සත් ජනපදයයි.


News Articles
Latest Videos
Most Popular Post