2019 වසරේ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට අපේක්ෂිත ප්‍රතිඵලය නොලැබුණු බවට විභාග දෙපාර්තමේන්තුව වෙත අභියාචනා ඉදිරිපත් කළ සිසුන් සඳහා එම අභියාචනා පරීක්ෂා කිරීමෙන් පසු ප්‍රතිඵල පසුගියදා (07) ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
මෙම ප්‍රතිඵල එක් එක් පාසල්වල විදුහල්පතිවරුන් වෙත මේ වන විටත් යොමු කර ඇති අතර, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිස නිවැරදිව විභාග අංකය ඇතුළත් කිරීමෙන්ද ලබාගත හැකියි.
මෙවර පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 339,410ක් අයදුම් කර තිබූ අතර, විභාගය සඳහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 332,179ක්.
ඔවුන් අතරින් දිස්ත්‍රික් කඩඉම් සීමාව හෝ ඊට ඉහළ ලකුණු ලැබූ සිසුන් සංඛ්‍යාව 47,667ක්.
එමෙන්ම අපේක්ෂිත ප්‍රතිඵලය නොලැබීම හේතුවෙන් විදුහල්පතිවරයා මඟින් විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති අභියාචනා 20,313 ක් බව සදහන්.