එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසාන තීරණය ලබන බ්‍රහස්පතින්දා දිනයේදී ගැනීමට පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පස්වරු 3 ට ආරම්භ වූ රැස්වීම පැය 4 කට වැඩි කාලයක් පැවති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළා.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇත්තේ නායකත්ව කවුන්සිලයක් ස්ථාපිත කිරීමටයි.
කෙසේවෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත්තේ නායකත්වය වෙනුවෙන් ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බවටයි.
මන්ත්‍රීවරුන් 33 දෙනෙකු මෙහිදී අදහස් පළකර ඇති අතර ඉන් බහුතරයකගේ අදහස වී තිබුණේ ඡන්ද විමසීමක් පැවැත්වීම බවද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කලා.