News Line| Off Air
Generic placeholder image

Jan
10

දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි

1391 Views


දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි

නව වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

යක්ෂ ගෝත්‍රිකයන් සටනකට සූදානම් වෙද්දී ක්‍රි.පූ. 588 දී බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කර, යක්ෂ නමින් හැඳින්වූ ලක්දිව මුල් වැසියන්ගේ සිත් සනසා, සෘද්ධි ප්‍රාතිහාර්ය පාමින් දහම් දෙසා, ශ්‍රී ලංකාව මිනිස් වාසයට සුදුසු දහම් දිවයිනක් බවට පත්කළේ අද වැනි උතුම් පොහෝ දිනකයි.

එමෙන්ම දහම් ඇසීමට රැස්වූ පිරිස අතර සිටි සමන්ත කූට පර්වතවාසී සුමන සමන් දෙවියෝ සෝවාන් ඵලයට පත් වූ බව සඳහන් වන අතර ජනී ජනයාට වන්දනාමාන කර ගැනීමට යම් පූජා වස්තුවක් ඉල්ලා සිටි බැවින් බුදුන් වහන්සේ හිස අතගා කේශධාතු මිටක් සමන් දෙවියන් හට පරිත්‍යාග කලේද අද වන් දිනකයි.

මහියංගන චෛත්‍ය ඉදිකිරීම මෙන්ම ප‍්‍රථම ආරම පූජාව පැවැත්වූයේද අද වන් දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක වීම පොහොය වැදගත්කම් ලෙස හදුවන්නට පුළුවන්.

එමෙන්ම කැලණි විහාරයේ වාර්ෂික පෙරහර ආරම්භ වීම සිදුවන්නේද දුරුතු පුර පසළොස්වක පොහොය දිනකදියි.

මෙවන් වැදගත්කම් රැසක් සිදු වූ නව වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය බෞද්ධ ඔබටත් පින් රැස්කර ගැනීමට හැකි වන උතුම් පොහොය දිනක් වේවා.


News Articles
Latest Videos
Most Popular Post