News Line| Off Air
Generic placeholder image

Jan
11

යුක්‍රේන ගුවන් අනතුර තමාගේ අත්වැරැද්දක් බව ඉරානය පිළිගනියි

1760 Views


යුක්‍රේන ගුවන් අනතුර තමාගේ අත්වැරැද්දක් බව ඉරානය පිළිගනියි

සිය හමුදාවන් විසින් “නොදැනුවත්ව” එල්ල කරනු ලැබු ප්‍රහාරයක් හේතුවෙන් මගීන් 176 දෙනෙක් රැගත් යුක්‍රේන සමාගමට අයත් මගී ගුවන් යානය විනාශයට පත්වු බව ඉරානය සදහන් කරනවා.

“මිනිස් අත්වැරද්දක්” හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඉරාන බලධාරින් සදහන් කළා.

ඉරානය විසින් ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කදවුරු දෙකක් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කිරිමෙන් පැය කිහිපයකට පසුව යුක්‍රේන ගුවන් සමාගමට අයත් මෙම ගුවන් යානය අනතුරට ලක්වුණා.

මෙම ගුවන් අනතුර මිසයිල ප්‍රහාරයක් නිසා සිදුවුවක් බවට අමෙරිකාව සහ කැනඩාව බුද්ධි තොරතුරු පදනම් කර ගනිමින් ප්‍රකාශ කර සිටියත් පසුගිය දින කිහිපය පුරාවට ඉරානය එම චෝදනාවන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post