News Line| Off Air
Generic placeholder image

Jan
11

විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

923 Views


විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් අනුරාධපුර, හොරොව්පතාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වියට්නාමයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව හොරොව්පතාන පොලීසියට පැමිණිලි 8 ක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමෙන් අනතුරුව හොරොව්පතාන පොලීසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකාර කාන්තාව විසින් විවිධ පුද්ගලයින්ගෙන් විදෙස් රැකියා ලබාදෙන බව පවසා රුපියල් 12 ලක්ෂ 75,000 ක මුදලක් වංචා කර ඇති බව සඳහන්.

සිද්ධියට අදාලව සැකකාර කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ඔහු මේ වන විට විදෙස්ගතව සිටින බවට කරුණු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවා.

සැකකාරිය අද කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post