News Line| Off Air
Generic placeholder image

Jan
13

අසර්බජාන් හී මිය ගිය දරුවන් වෙනුවෙන් ලක්ෂ 15ක්

624 Views


අසර්බජාන් හී මිය ගිය දරුවන් වෙනුවෙන් ලක්ෂ 15ක්

අසර්බජාන් හී මිය ගිය දරුවන් තිදෙනාගේ මෘත දේහ ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සඳහා රජය රුපියල් ලක්ෂ 15 ක් ලබාදීමට තීරණය කර ඇති බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අසර්බජාන් බාකු නුවර පෞද්ගලික විශ්වවිද්‍යාල පාඨමාලා හදාරමින් සිටි ශ්‍රී ලාංකික තරුණියන් තිදෙනෙකු තමා නතරව සිටි මහල් නිවාසයේ ඇතිවූ ගින්නක දුම ආග්‍රාණයවී මිය ගොස් තිබුණා.

ඔවුන් තිදෙනාගේ මෘත දේහ ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සඳහා රජය එම මුදල ලබාදීමට තීරණය කර ඇති බව මියගිය දරුවන්ගේ දෙමාපියන් වෙත විදේශ සබඳතා අමාත්‍යවරයා දැන්වුවා.

ඒ මහතා මෙසේ දැන්වූයේ එම දෙමාපියන් විදේශ අමාත්‍යාංශයට පැමිණ අමාත්‍යතුමා හමුවූ අවස්ථාවේදීය.


News Articles
Latest Videos
Most Popular Post