ශ්‍රී ලංකාවේ විශාලතම ඉන්ධන පිරිපහදුව ඉදිකිරීමේ කටයුතු ලබන වසරේ ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළා.
මෙරට සමස්ත පිරිපහදු ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 70 ක් පමණ, ආනයනය කිරීමට සිදුවීම හේතුවෙන් මෙලෙස නව පිරිපහදුවක් ඉදිකිරීමට සැලසුම් කෙරෙන බව මුලන – දික්වල ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහනකට එක්වෙමින් ඔහු පැවසුවා.
ජනාධිපතිවරයා සමඟ පසුගිය සතියේ සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
එමෙන්ම ගවේෂණය කර ඇති පරිදි මන්නාරම ප්‍රදේශයේ ස්වභාවික වායු නිධියක පැවැත්ම තහවුරුවීම හේතුවෙන් එහි කැණීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමටද රජයේ අවධානය යොමුව ඇති බව සදහන්.