පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධිත අයදුම්පත මේ මස 17 වන දා සලකා බැලීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එදිනට දැනට ඇප මත මුදා හැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇති බව සදහන්.
ඔහුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදෙන ලද ඇප නියෝගය නීතියට පටහැනි බව පවසමින් නීතිපතිවරයා මෙම ප්‍රතිශෝධිත අයදුම්පත ගොනුකර තිබුණා.
ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය දෙසැම්බර් මස 27 වනදා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුගිය 30 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් ඇප නියම කරනු ලැබූ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා තවදුරටත් නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ රැඳී සිටින බව සදහන්.