News Line| Off Air
Generic placeholder image

Jan
13

සඳට යන්න සහකාරියක් හොයන ජපන් කෝටිපති

741 Views


සඳට යන්න සහකාරියක් හොයන ජපන් කෝටිපති

ඇමරිකානු ස්පේස් එක්ස් අභ්‍යවකාශ සංචාරක වැඩසටහන යටතේ සඳ ගමනකට ප්‍රවේශපත්‍රයක් වෙන් කරගෙන සිටි ජපාන ප්‍රකෝටිපති යසාකු මේසාවා සිය සංචාරයට එක් කර ගැනීම සඳහා සහකාරියක් සෙවීම ආරම්භ කර තිබෙනවා.

සඳ මතට යන ප්‍රථම කාන්තාව වීමට කැමති අයෙක් සිටිත්දැයි විමසමින් 44 හැවිරිදි විලාසිතා ව්‍යාපාර අධිරාජ්‍යයක් හිමි යසාකු මේ සඳහා සිය ට්විටර් වෙබ් අඩවියේ දැන්වීමක් පළ කළ බව සදහන්.

2023 වසරේ මෙම සංචාරය යෙදී ඇති අතර, එය 1972 වසරෙන් පසු සඳමතට මිනිසුන් ගමන් කරන ප්‍රථම අවස්ථාව වීම ද විශේෂත්වයක් වනවා.

මේ සම්බන්දයෙන් යසාකුගේ සහකාරිය වීම සඳහා අයදුම්පත් භාර ගැනීම ජනවාරි 17 වනදායි අවසන් වන අතර, ඔහු තෝරා ගන්නා තැනැත්තිය මාර්තු මස අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කරනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post