පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් ක‍්‍රියා කළ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙසට වැඩබලන පොලිස්පති සි. ඞී. වික‍්‍රමරත්න ඉකුත්දා නියෝගයක් ලබාදී තිබෙනවා.
ඒ අනුව එම පොලිස් නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගෙන වාර්තාවක් ලබාදෙන ලෙසට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත මෙලෙස නියෝග කර තිබෙන්නේ.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සිදුවන අවස්ථාවේ ප‍්‍රධාන පොලිස් නිලධාරියෙකු මන්තී‍්‍රවරයා විසින් වැළඳගත් ආකාරය සහ එලෙස හැසිරීමට මන්ත්‍රීවරයාට ඉඩ ලබා දුන් පොලිස් නිලධාරියාට එරෙහිව කටයුතු කිරීමට කටයුතු කරන බවද වාර්තා වෙනවා.