ගෙවුණු පැය 24 ක කාලය තුළ කාශ්මීරයේ හිම කඳු කඩාවැටීම හේතුවෙන් පුද්ගලයින් 67 දෙනෙකු මියගොස් තිබෙනවා.
පාකිස්ථානයෙන් පාලනය වන කාශ්මීර ප්‍රදේශයේ පුද්ගලයින් 57 ක් සහ ඉන්දියාවෙන් පාලනය වන කාශ්මීර උතුරු ප්‍රදේශයේ දස දෙනෙකු මෙලෙස මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
දැඩි වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති අතර, පාකිස්ථානයේ නීලම්වැලි ප්‍රදේශයට මේ වනවිටත් අධික වර්ෂාවක් පවතිනවා.
එමෙන්ම බටහිර පාකිස්ථානයේ දැඩි හිම පතනය හේතුවෙන් නිරිතදිග බලූකිස්ථානයේ පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.
එමෙන්ම ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය සම්බන්ධ වන මහාමාර්ගද දැඩි හිමපතනය හේතුවෙන් අවහිර වී තිබෙනවා.