News Line| Off Air
Generic placeholder image

Jan
14

චන්දික හතුරුසිංහගේ කොන්ත්‍රාත් ගිවිසුම ස්ථිරවම අහෝසියි

623 Views


චන්දික හතුරුසිංහගේ කොන්ත්‍රාත් ගිවිසුම ස්ථිරවම අහෝසියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කල චන්දික හතුරුසිංහගේ කොන්ත්‍රාත් ගිවිසුම ස්ථිරවම අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

පසුගිය අගෝස්තු මාසයේදී ඔහුගේ සේවය අත්හිටුවීමට ක්‍රිකට් ආයතනය පියවර ගත් අතර මාස කිහිපයක් යනතුරු ඔහුට මාසිකව ගෙවීමක් සිදුකළ බව සදහන්.

චන්දික හතුරුසිංහ සමග වන කොන්ත්‍රාත් ගිවිසුම ස්ථිරවම අත්හිටුවීමට අවසන් වරට පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියට මේ බව තහවුරු කර තිබෙනවා.

කෙසේවෙතත් සිය ගිවිසුම නියමිත කාලයට පෙර අවසන් කිරීම සම්බන්ධයෙන් හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ විසින් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වන්දි ඉල්ලා ලිපියක්ද යොමුකළ බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post