2019 වසරේ සැප්තැම්බර් මස 30 වනදාට පෙර හමුදාව හැරගිය හෝ නීත්‍යානුකූලව ඉවත් නොවූ සාමාජිකයන්ට යළි සේවයට එක්වීමට පෙබරවාරි 5 වනදා සිට දින 7ක පොදු සමා කාලයක් ලබා දී තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳ සඳහන් කළා.
එහිදී සේවය හැර යෑමට හෝ නැවත ත්‍රිවිධ හමුදාව හා එක්ව රට ජාතිය වෙනුවෙන් සේවය කිරීමට ඔවුන්ට අවස්ථාව උදා වෙනු ඇති.