News Line| Off Air
Generic placeholder image

Jan
14

අසීරු ශෛල්‍යකර්මයන් සදහා ක්ෂුද්‍ර රොබෝවන් ලොවට හදුන්වාදෙයි

1714 Views


අසීරු ශෛල්‍යකර්මයන් සදහා ක්ෂුද්‍ර රොබෝවන් ලොවට හදුන්වාදෙයි

රොබෝ තාක්ෂණය තුළ දැවැන්ත විප්ලවයක් ඇතිකරමින් ලොව පළමු ජෛවීය රොබෝවන් ලොවට හඳුන්වාදීමට විද්‍යාඥයන් පිරිසක් පසුගියදා කටයුතු කළා.

ඉතා අසීරු ශෛල්‍යකර්මයන් සදහා මෙම නවතම ක්ෂුද්‍ර රොබෝවන් යොදාගත හැකි බව විදෙස් වාර්තා පවසනවා.

සෙනෝබොට්ස් නමින්, ලොව පළමු සජීවී රොබෝවන් නිෂ්පාදන කිරීමට අමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබෙනවා.

ස්වයංව සුවපත්වීමේ විශිෂ්ට හැකියාවෙන් යුත් මේ රොබෝවා සැලකෙන්නේ ජීව විද්‍යාත්මක යන්ත්‍රයක් එනම් බයලොජිකල් යන්ත්‍රයක් ලෙසයි.

සෙනෝපස් ලාවිස් නම් අප්‍රිකානු මැඩියන් විශේෂයක ශුක්‍රාණු සෛල භාවිතයෙන් මෙම රොබෝවන් නිපදවා තිබෙනවා.

ප්‍රමාණයෙන් අඟල් දශම බින්දුවයි 4ක් තරම් කුඩා මෙම යන්ත්‍රය මිනිස් සිරුරක් තුළට කිසිදු ගැටලුවක් නොමැතිව ඇතුල්කිරීමේ හැකියාවෙන් යුක්ත වන බව සදහන්.

ඇවිදිය හැකි, පිහිනිය හැකි, ආහාර නොමැතිව සති ගණනාවක් වුවත් පැවැතිය හැකි මෙම ක්ෂුද්‍ර රොබෝවන්ට කණ්ඩායම් වශයෙන් කටයුතු කිරීමේ හැකියාවද පවතිනවා.

එමෙන්ම මෙම ක්ෂුද්‍ර රොබෝවන් යොදාගෙන මිනිස් දරු කළලවල විකෘතීන් නිවැරදි කිරීම, හානියට පත් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් පිරියම් කිරීම වැනි සුවිශේෂී කාර්යයන් සදහා පවා සාර්ථකව යොදාගත හැකි බව මේ සම්බන්ධයෙන් අනාවරණය කරන වර්මොන්ට් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පෙන්වා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post