News Line| Off Air
Generic placeholder image

Jan
14

ඉරාජ් වීරරත්නට නව රජයෙන් අධ්‍යක්ෂක ධුරයක්

873 Views


ඉරාජ් වීරරත්නට නව රජයෙන් අධ්‍යක්ෂක ධුරයක්

සංගීතවේදී ඉරාජ් වීරරත්න මහතා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් පත්කර තිබෙනවා.

විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසිනුයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ.

පසුගිය වසර කිහිපය පුරාම පැවති රජයේ ක්‍රියාකාරකම් විවේචනය කිරීම සඳහා ඉරාජ් වීරරත්න සිය නිර්මාණ හැකියාව භාවිතා කරමින් විශාල මෙහෙවරක් සිදුකල අතර ඒ හරහා වර්ථමාන රජය බලයට පත්වීම සදහා විශේෂ පිටුබලයක් හිමිවුණා.

ඒ පිළිබඳව විශේෂ සැලකිල්ලක් සිදුකරමින් මෙම අධ්‍යක්ෂකධූරය ඔහුට ලබාදීමට රජය කටයුතු කර ඇති බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post