මෙවර ඔස්කාර් සම්මාන උළෙල සඳහා නිර්දේශිත නම් ලැයිස්තුව ඊයේ(13) නිවේදනය කළා.
සම්මාන 10ක් සඳහා නිර්දේශ වෙමින් ජෝකර් චිත්‍රපටය එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටිනවා.
92 වන ඔස්කාර් සම්මාන උළෙල ලබන මස 9වන දා අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී පැවැත්වීමට නියමිතයි.
එහිදී සම්මාන ප්‍රදානය කිරීමට නිර්දේශිත නාමයන් මේ වන විට මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.
එම ලැයිස්තුවේ මුල්තැන හිමිකරගෙන සිටින ජෝකර් චිත්‍රපටය හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂවරයා, හොඳම නළුවා ඇතුළු සම්මාන 11ක් සඳහා නිර්දේශ වී ඇති අතර 2019 වර්ෂයේ අගෝස්තු මාසයේදී තිරගත කෙරුණු ජෝකර් චිත්‍රපටය ටොඩ් ෆිලිප්ස්ගේ අධ්‍යක්ෂණයක්.
සම්මාන 10ක් සඳහා නිර්දේශවූ වන්ස් අපෝන් අ ටයිම්; ඉන් හොලිවුඩ්, දි අයිරිෂ් මෑන් සහ නයින්ටීන් සෙවන්ටීන් යන චිත්‍රපට පිළිවෙලින් ලැයිස්තුවේ දෙවන, තුන්වන හා සිව්වන ස්ථාන හිමිකරගෙන සිටිනවා.
මැරේජ් ස්ටෝරී, පැරාසයිට්, ලිට්ල් විමෙන් සහ ජොජෝ රැබිට් සම්මාන 6කට නිර්දේශවී ඇති චිත්‍රපට වනවා.
ජේම්ස් මැන්ගෝල්ඩ් අධ්‍යක්ෂණය කළ ෆෝඩ් ව්ස් ෆෙරාරි චිත්‍රපටය ඔස්කාර් සම්මාන 4කට නිර්දේශවී ඇති බව සඳහන්.
පෙර වසරේ මෙන්ම මෙවර ඔස්කාර්ස් සම්මාන උළෙලටද නිත්‍ය ඉදිරිපත්කරන්නෙක් නොමැති අතර විවිධ සිනමා තාරකාවන් විසින් එය මෙහෙයවනු ඇති.