News Line| Off Air
Generic placeholder image

Jan
14

රාජිත රෝහලෙන් පිටව යයි

550 Views


රාජිත රෝහලෙන් පිටව යයි

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රෝහලෙන් පිටව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

සුදු වෑන් සිද්ධියට සම්බන්ධ මාධ්‍ය හමුවක් පිලිබදව රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය ඉකුත් දෙසැම්බර් 24 වන දින නියෝගයක් ලබාදුන් අතර ඊට දින දෙකකට පමණ පසුව රාජිත සේනාරත්න මහතා රෝහල්ගත කෙරුණා. ඉන්පසු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීම අත්අඩංගුවට පත් වූ රාජිත සේනාරත්න මහතා දෙසැම්බර් මස 30 වන දින ඇප ලබාදීමට කටයුතු කළා.

ඒ මහතාගේ රෝහල් ගාස්තුව රුපියල් ලක්ෂ 10කට අධික බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post