News Line| Off Air
Generic placeholder image

Jan
14

රන්ජන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

582 Views


රන්ජන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගන්නා ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

අදාළ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, නීතිපති දප්පුල ද ලිවේරා කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂවරයාට උපදෙස් ලබාදුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) දෙක වගන්තිය යටතේයි.


News Articles
Latest Videos
Most Popular Post