News Line| Off Air
Generic placeholder image

Jan
16

පැය 18 ක් හිම යට සිරවී සිටි දැරියගේ දිවි බේරා ගනියි

711 Views


පැය 18 ක් හිම යට සිරවී සිටි දැරියගේ දිවි බේරා ගනියි

පැය 18 ක් පුරා හිම යට සිරවී සිටි 12 හැවිරිදි ගැහැණු දරුවෙකුගේ දිවි බේරා ගැනීමට පකිස්තාන සහන කණ්ඩායම් අද (16) සමත්වුණා.

පකිස්තානය යටතේ පාලනය වන කාශ්මීරයේ පිහිටි මෙම ගැහැණු දරුවාගේ නිවස මතට හිම කන්දක් කඩා වැටී ඇය අතුරුදන්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සහන කණ්ඩායම් අදාළ ස්ථානයට ලගාවෙත්ම ඇය උදව් ඉල්ලා කෑ ගැසීම හේතුවෙන් සහන කණ්ඩායම් වෙත ඇය සොයා ගැනීමට පහසුවී තිබෙනවා.

දැරිය මුදා ගන්නා අවස්ථාවේ ඇය සිටි නිවසේ කාමරය හිමෙන් වැසී තිබූ බව සදහන්.

කාශ්මීර කලාපයේ ඉකුත් දින කිහිපය පුරා සිදුවූ හිම කඳු කඩාවැටීම් හා නායයාම්වලින් පුද්ගලයින් 74 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post