News Line| Off Air
Generic placeholder image

Jan
16

බන්ධනාගාර රැදවියෙකුට ගෙනා ආහාර බදුණකින් හෙරොයින් හමුවෙයි

678 Views


බන්ධනාගාර රැදවියෙකුට ගෙනා ආහාර බදුණකින් හෙරොයින් හමුවෙයි

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රැදවියෙකු බැලීමට පැමිණි පුද්ගලයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බන්ධනාගාර නිළධාරින් විසින් සැකකරු පරික්ෂා කිරිමේදී ඔහු රැගෙන ආ ආහාර බදුණක තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 200ක් සොයාගෙන ඇතිබව පොලිසිය සදහන් කළා.

ඒ අනුව අදාල සැකකරු බන්ධනාගාර නිළධාරින් විසින් පල්ලෙකැලේ පොලිස් ස්ථානයට භාරදී තිබෙනවා.

25 හැවිරිදි අදාල සැකකරු මහනුවර, මහයියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවන අතර ඔහු අද (16) පන්විල මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post