News Line| Off Air
Generic placeholder image

Jan
16

අඩු ආදායම් ලාභීන් සඳහා රැකියා අයඳුම්පත් නිකුත් කිරීම ලබන 20වෙනිදාට පෙර

3014 Views


අඩු ආදායම් ලාභීන් සඳහා රැකියා අයඳුම්පත් නිකුත් කිරීම  ලබන 20වෙනිදාට පෙර

අඩු ආදායම්ලාභී සහ නිපුනතා රහිත ශ්‍රමිකයින්ට රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනට අදාල බඳවා ගැනිමේ ක්‍රමවේදය සහ ඒ සඳහා අයදුම්පත් ප්‍රසිද්ධ කිරිම ලබන 20 වන දිනට පෙර සිදු කිරිමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් බහුකාර්ය සංවර්ධන කාර්යය සාධක බලකාය සඳහා රැකියා ලක්ෂයක් ලබාදීමේ සැලසුම් මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි. ඉතාමත් දිළිදු මට්ටමින් පසුවන සමෘද්ධිලාභි පවුල්වල සාමාජිකයින් සහ සමෘද්ධි සහනාධාර නොලබන පවුල් නඟාසිටුවිම මෙම බහුකාර්ය සංවර්ධන කාර්යය සාධක බලකායේ අරමුණ වී තිබෙනවා.

එවැනි පවුල්වල ශ්‍රම බලකායට දායකවිය හැකි පිරිස හඳුනාගෙන සුදුසු ක්ෂේත්‍රයන් හි මාස 06ක පුහුණවෙන් පසු ස්ථීර රැකියා අවස්ථා ලබාදීම මෙමඟින් සිදු කෙරෙන අතර පදිංචි ප්‍රදේශයේම එම රැකියා අවස්ථාව ලබාදීම ද විශේෂත්වයක්.

කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අඩු අධ්‍යාපනික මට්ටමක් සහිත නොපුහුණු පිරිස් මේ සඳහා තෝරා ගැනිමට නියමිත අතර සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ප්‍රථම අදියර යටතේ රැකියා අවස්ථා ලක්ෂයක් සම්පාදනය කෙරෙන අතර සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකටම 300ත් 350ත් අතර පිරිසක් මේ යටතේ බඳවා ගැනිමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ, අනෙකුත් ආගමික පූජක උතුමෙකු, දිස්ත්‍රික්ක ලේකම්, ග්‍රාමනිලධාරින් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ මේ සඳහා සුදුසුකම්ලාභීන් තෝරා ගැනිමට නියමිත වන අතර තෝරා ගැනිමේ නිවැරැදිතාව තවදුරටත් තහවුරු කර ගැනිමට ආරක්ෂක අංශවල නිපුනතාවක් සහිත පිරිසක් යෙදවීමට ද තීරණය කර තිබෙනවා.

සුදුසුකම්ලාභීන් පාසල්, රෝහල් සහ රාජ්‍ය ආයතනවල අධ්‍යාපන මට්ටමක් අවශ්‍ය නොවන රැකියා සඳහා අනියුක්ත කෙරෙනු ඇති අතර වඩු, පෙදරේරු, කෘෂි, ධීවර, වන සංරක්ෂණ වැනි ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය වන පරිදි පුහුණුවිම් කොට සේවයේ පිහිටුවිමට සැලසුම් කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ත්‍රිවිධ හමුදාවේ අධික්ෂණය යටතේ බඳවා ගැනිම් සහ පුහුණුවිම් සිදු කිරිමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post