අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත අද ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
ඒ තුලින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට ලක් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම හඬ පරීක්ෂාවක් සඳහා රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසත් නුගේගොඩ මහේස්ත‍්‍රාත්වරයා ඊයේ නියෝග කර තිබුණා.