සිම්බාබ්වේ සමඟ පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත් වෙයි.
සිම්බාබ්වේ තරගාවලිය සඳහා අසිත ප්‍රනාන්දු වෙනුවට අත්දැකීම් බහුල වේග පන්දු යවන්නෙකු වන සුරංග ලක්මාල් නම් කර ඇති අතර කුසල් ජනිත් පෙරේරා මෙම සංචිතයට ඇතුළත් කර නොමැති අතර ඒ අනුව දෙරට අතර පළමු තරඟය ජනවාරි 19 වැනිදා සිට ජනවාරි 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජනවාරි 27 සිට ජනවාරි 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.