News Line| Off Air
Generic placeholder image

Jan
16

අසර්බයිජාන්හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනාගේ දේහ දිවයිනට

822 Views


අසර්බයිජාන්හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනාගේ දේහ දිවයිනට

අසර්බයිජාන්හිදී හදිසි අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනොගේ දේහ, ඊයේ දිවයිනට රැගෙන එනු ලැබුවා.

එම දේහයන් මේ වනවිට ඔවුන්ගේ නිවෙස්වල තැනපත් කර තිබෙනවා.

මල්ෂා සංදීපනි සහ ඇයගේ සොහොයුරිය වන තාරුකි අමායාද අමෝද්‍යා මදුහංසිද අසර්බයිජාන්හි මියගොස් තිබුණේ ඔවුන් නවාතැන් ගෙන සිටි නිවසේ ඇතිවූ ගින්නකින්.

නිවසේ විදුලි පරිපථයේ ඇති වු දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති අතර එහි දුම ආග්‍රහනය වීමෙන් මෙම සිසුවියන් තිදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ අමාත්‍යංශය සඳහන් කළා.

මියගිය තරුණියන් අතරින් වැඩිමල් සොහොයුරිය වන මල්ෂා සංදීපනි 23 වැනි වියෙත් ඇයගේ සොහොයුරිය වන තාරුකි අමායා 21 වැනි වියේත් පසු වූ අතර ඔවුන්ගේ දේහ අද අලුයම නිවසට රැගෙනවිත් තිබෙනවා.

හෙට(17) පස්වරුවේ තුම්බෝවිල පොදු සුසාන භූමියේදී ඔවුන්ගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.

සිද්ධියෙන් මියගිය අනෙක් සිසුවිය වන 25 හැවිරිදි කඩුවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි අමෝද්‍යා මදුහංසිගේ දේහය ද ඊයේ රාත්‍රියේ නිවසට රැඟෙන ආ අතර ඇගේ අවසන් කටයුතු එලැඹෙන සෙනසුරාදා කඩුවෙල බෝමිරිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post