News Line| Off Air
Generic placeholder image

Jan
17

ඉකුත්දා හදිස්සියේ ගොඩ බැස් වූ ලයන් එයාර් යානයේ අසනීප වූ මගියාට වැළඳී ඇති රෝගය හදුනා ගැනේ

1431 Views


ඉකුත්දා හදිස්සියේ ගොඩ බැස් වූ ලයන් එයාර් යානයේ අසනීප වූ මගියාට වැළඳී ඇති රෝගය හදුනා ගැනේ

ඉකුත්දා හදිස්සියේ ගොඩ බැස් වූ ලයන් එයාර් ගුවන් යානයේ සිටි ගුවන් මගින් තිදෙනෙකුට හදිස්සියේ අසනීප වීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළට හදිසි ගොඩබෑමක් සිදුකරනු ලැබුවා.

නමුත් ඒ වන විට රෝගී වූ ගුවන් මගින් දෙදෙනෙකු ඒ වන විටත් ජිවිතක්ෂයට පත්ව සිටි අතර එහි සිටි අනෙක් මගියා වැඩි දුර ප්‍රතිකාර සදහා ගොතටුව පිහිටි ජාතික බෝවන රෝග විද්‍යාතනයට ඇතුලත් කළා.

එහිදී සිදුකල පරීක්ෂණ අනුව එම රෝගියාට “ඉන්ෆ්ලුවෙන්සා A වෛරසය” වැළඳී ඇති බවට තහවුරු වී තිබෙන බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක ප්‍රකාශ කර සිටියා. ඒ මහතා වැඩි දුඅරත් සදහන් කලේ එම රෝගියා මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඒම රෝගියාගේ අසනීප තත්වය මේ වන විට තරමක් දුරට සුව අතර හැරෙමින් පවතින බවයි.


News Articles
Latest Videos
Most Popular Post