චීන ඉතිහාසයේ පළමුවරට උපත් අනුපාතිකය පහළම අගය වාර්තා කර තිබෙනවා.
වසර 70 කට ඉහතදී මහජන චීනය පිහිටුවීමෙන් පසු පසුගිය වසරේදී මෙලෙස උපත් අනුපාතිකය පහළම අගය වාර්තා කර ඇති අතර එය සටහන්වී ඇත්තේ උපත් 1000 කට 10 යි දශම 4 යි 8 ක් ලෙසටයි.
පසුගිය වසරේදී චීනය තුළ සිදුවූ මුලු උපත් සංඛ්‍යාව එක් කෝටි 46 ලක්ෂ 50 දහසක් වනවා.
එය 2018 වසරට සාපේක්ෂව උපත් පන් ලක්ෂ 80 දහසක අඩුවීමක් වීම විශේෂත්වයක්.
කෙසේවෙතත් චීන ජනගහණය කෝටි 140 ඉක්මවා යාම සටහන් කලේද පසුගිය වසරේදීයි.
එක් දරු ප්‍රතිපත්තිය යටතේ 1979 වසරේ සිට චීනය තුළ ජනගහණය පාලනය කිරීමේ දැවැන්ත ව්‍යපෘතියක් ආරම්භ කෙරුණ අතර 2015 දී එය දරුවන් දෙදෙනා දක්වා ඉහළ දැමීමට චීන රජය අවසර ලබාදුන්නා.