නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරිමට අද සිට ආරම්භ වෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කළ බවයි. ලබන මස 16 වැනිදා දක්වා ඒ සඳහා අයදුම් කළ හැකි වෙනවා.
එලෙස නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කෙරෙන්නේ 2017 වසරෙන් පසුවයි. මැතිවරණ කාලසීමාවක පක්ෂ ලියාපදිංචිය නීතිවිරෝධී බැවින් පසුගිය කාලයේ එය සිදුනොකළ බව ද ජාතික මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.
මේ වනවිට මෙරට පවතින පිළිගත් දේශපාලන පක්ෂ ගණන 70කි.