News Line| Off Air
Generic placeholder image

Jan
17

රාජිත අද කොළඹ මහාධිකරණයට

825 Views


රාජිත අද කොළඹ මහාධිකරණයට

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත සම්බන්ධයෙන් වන නඩු විභාගයට පෙනී සිටීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අද උදෑසන කොළඹ මහාධිකරණයට පැමිණියා.

සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය දෙසැම්බර් මස 27 වැනිදා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

කෙසේ වෙතත්, පසුගිය 30 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් ඔහුට ඇප නියම කළ අතර, අඛණ්ඩව රෝහලේ රැදී සිටි මන්ත්‍රීවරයා පසුගිය අඟහරුවාදා අලූයම රෝහලෙන් පිටව ගිය බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post