News Line| Off Air
Generic placeholder image

Jan
17

රන්ජන් රාමනායක ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට

621 Views


රන්ජන් රාමනායක ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට

බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක අද (17) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

කල් ඉකුත්වූ බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා පසුව ඇප මත නිදහස් කරනු ලැබුවා.

එම නඩු කටයුත්ත සම්බන්ධයෙන් මන්ත්‍රිවරයාව මෙලෙස යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බව සදහන්.

කෙසේ වුවත් අධිකරණ විනිසුරුවරන්ගේ කටයුතු වලට අනිසි බලපෑම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා යළි කොළඹ අපරාධ කොට්‌ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.


News Articles
Latest Videos
Most Popular Post