News Line| Off Air
Generic placeholder image

Jan
18

වසා දමා ඇති කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට පියවර

2193 Views


වසා දමා ඇති කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට පියවර

දැනට වසා දමා ඇති කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව සහ විකල්ප සම්බන්ධයෙන් ඊයේ (17) යාපනයේ ආරක්ෂක සේනා හමුදා ආඥාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය මහතා ඇතුළු නිලධාරින් සමග පාලාලි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී දීර්ඝ වශයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා සාකච්ඡා පැවැත්වූවා.

මෙම කර්මාන්ත ශාලාව කර්මාන්ත අමාත්‍යාංශයට අයත්වනවා.

අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ රංජිත්, අමාත්‍ය ව්‍යාපෘති උපදේශක සුදේශ් නන්දසිරි, ආරක්ෂක හමුදා මූලස්ථානයේ ජේෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් ද මෙම රැස්වීමට සහභාගී වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post