News Line| Off Air
Generic placeholder image

Jan
18

ලොව මිටිම මිනිසා අවසන් ගමන් යයි

748 Views


ලොව මිටිම මිනිසා අවසන් ගමන් යයි

ගිනස් ලෝක වාර්තාවලට අනුව ඇවිදීමට හැකියාවක් ඇති ලොව මිටිම මිනිසා නේපාලයේ කොකාරා හි දී ඊයේ මිය ගොස් තිබෙනවා.

ඛාගේන්ද්‍ර තාපා මාගාර් නැමති ඔහුගේ උස අඩි දෙකයි අඟල් දෙකක් වන අතර, මිය යන විට 27 වන වියේ පසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මාගාර් ලොව මිටිම මිනිසා ලෙස 2010 වසරේදී ප්‍රකාශයට පත් කෙරුණේ ඔහුගේ 18 වන උපන් දිනයේදියි.

අඩි 1.8ක් පමණ වූ චන්ද්‍රා බහදූර් ඩංගි නැමති තවත් නේපාල ජාතිකයෙකු පසුව ලොව මිටිම මිනිසා ලෙස නම් කෙරුණු ද, 2015 වසරේදී ඔහු මිය යාම නිසා නැවතත් එම වාර්තාව මාගාර්ට හිමි වුණා.


News Articles
Latest Videos
Most Popular Post