News Line| Off Air
Generic placeholder image

Jan
18

චීනයේ පැතිර යන හඳුනා නොගත් වෛරසය ගැන ශ්‍රී ලංකා සෞඛ්‍ය අංශ වල අවධානය

745 Views


චීනයේ පැතිර යන හඳුනා නොගත් වෛරසය ගැන ශ්‍රී ලංකා සෞඛ්‍ය අංශ වල අවධානය

චීනයේ ප්‍රාන්ත කිහිපයක පැතිර යන හඳුනා නොගත් වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සෞඛ්‍ය අංශද දැඩි අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා.

ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව නිරන්තරයෙන් මෙම වෛරසය සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගන්නා බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය සමිත ගිණිගේ මහතා ප්‍රකාශ කළා.

කොරොනා වර්ගයට අයත්වන වෛරසයක් පිළිබඳ මේ වන විට ලෝකය පුරා දැඩි කථාබහට ලක්ව තිබෙනවා.

චීනය,ජපානය සහ තායිලන්තය ඇතුලු රටවල් කිහිපයකින් රෝගීන් වාර්තා වී ඇති අතර මෙම වෛරසය සම්බන්ධයෙන් මේ වන විට විවිධ පර්යේෂණද සිදුවනවා.

චීනයෙන් මරණ 2 ක්ද ජපානයෙන් එක් මරණයක්ද මෙම වෛරසය හේතුවෙන් වාර්තා වී තිබෙනවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවෙන් කිසිඳු රෝගියෙකු මෙතෙක් වාර්තා වී නොමැති අතර ගුවන් තොටුපළ සහ වරාය හරහා රටට පැමිණෙන්නන් පිළිබඳ සෞඛ්‍ය අංශ නිරතුරුව අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post