News Line| Off Air
Generic placeholder image

Jan
19

හැරී – මේගන් යුවලට රාජකීය තනතුරු නොදැන බවට දැනුම් දෙයි

693 Views


හැරී – මේගන් යුවලට රාජකීය තනතුරු නොදැන බවට දැනුම් දෙයි

හැරී සහ මේගන් යුවළ මින් ඉදිරියට රාජකීය තනතුරු භාවිත නොකරන බව බකිංහැම් මාලිගය නිවේදනය කර තිබෙනවා ඒ රාජකාරී කටයුතු ඉටුකිරීම වෙනුවෙන් ලබාදෙන පොදු අරමුදල් ද ඔවුන් දෙපළට නොලැබෙන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
තමන් යුවළ රාජකීය තනතුරු අතහැරීමටත් මූල්‍යමය අතින් ස්වාධීන වීමටත් අදහස් කරන බව බ්‍රිතාන්‍යයේ සසෙක්ස්හි ආදිපාද යුවළ එළිසබෙත් රැජිනට දැනුම් දුන්නේ මීට දින කිහිපයකට ඉහතදීයි.

ඒ අනුව ඔවුන් දෙපළ මින් ඉදිරියට මහරැජින නියෝජනය කරමින් කිසිදු නිල උත්සවයකට හෝ අවස්ථාවකට සහභාගි නොවනු ඇති බව සඳහන්.

හැරී-මේගන් යුවළගේ නිවස වන ෆ්‍රොග්මෝර් කොටේජ් ප්‍රතිංස්කරණය කිරීම සඳහා වැයවූ යූරෝ මිලියන දෙකයි දශම හතරක මුදලද ආපසු ගෙවීමට ඔවුන් දෙදෙනා අදහස් කරන බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයේ සඳහන්. හැරී-මේගන්-ආචි තිදෙනා තවදුරටත් සිය පවුලේ ආදරණීය සාමාජිකයන් බව පවසන එළිසබෙත් රැජින ඔවුන් තිදෙනාට සාමකාමී ඉදිරි දිවියක් සඳහා ආශිර්වාද එක්කර තිබුණි.


News Articles
Latest Videos
Most Popular Post