News Line| Off Air
Generic placeholder image

Jan
19

නව තාක්ෂණයත් සමඟ දුම්රිය සේවාව ඉදිරියට

1151 Views


නව තාක්ෂණයත් සමඟ දුම්රිය සේවාව ඉදිරියට

නව තාක්ෂණයත් සමඟ දුම්රිය සේවාව ඉදිරියට ගෙන යා යුතු බව රාජ්‍ය අමාත්‍ය සී.බී රත්නායක මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දෙනුවර මැණිකේ දුම්රියේ අඩුපාඩුකම් සොයා බැලිම සඳහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා එම දුම්රියේ නිරික්ෂණ චාරිකාවකට එක්වු අවස්ථාවේ දී.

කොළඹ කොටුවේ සිට දිනක් හැර දිනක් ධාවනය වන දෙනුවර මැණිකේ නගරාසන්න දුම්රිය ලබන මස දෙවනි දින සිට දිනපතා ධාවනයට එක් කරන බව ද රාජ්‍යය අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

දුම්රිය සේවය ගුණාත්මක ප්‍රවාහන සේවයක් බවට පත් කිරීම සඳහා අවශ්‍යය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවත්, දුම්රිය ප්‍රවාහන සේවයට නව තාක්ෂණය යොදා ගනිමින් කටුනායක ගුවන් තොටුපලේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍රයක් දෙස් විදෙස් සංචාරකයන්ට නිකුත් කිරිමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post