පක්‍ෂයේ විනය කඩ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේක්‍ෂකත්වය ලබා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සදහන් කළා.
පක්‍ෂය විනය කඩ කිරීම නිසා එච්.එච්.එම්. ෆවුසි මහතාට මේ වනවිට විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත්, මීට අමතරව විජිත් විජයමුණි සොයිසා, ඩිලාන් පෙරේරා, ලක්‍ෂමන් යාපා සහ එස්.බී. දිසානායක යන මන්ත්‍රීවරුන්ට ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් මෙම හතර දෙනාට පසුගිය දින විනය කමිටුව ඉදිරියේ පෙනීසිටින ලෙසට දන්වා යැවූවද, ඔවුන් ඒ සඳහා කල් ඉල්ලා තිබෙන බවත්, ඒ සඳහා හතර දෙනාටම අවස්ථාව ලබාදී තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.
එසේම විනය ක්‍රියාමාර්ග නීත්‍යනුකූල ආකාරයට සිදුකරන බවත්, මේ නිසා ඔවුන්ගේ ඉල්ලීම්වලට සාධාරණව අවස්ථාව ලබාදෙන බවත් ඒ මහතා සදහන් කළා. පක්‍ෂය ගත් තීන්දු තීරණවලට පිටින් කටයුතු කිරීම හා පක්‍ෂයට විරුද්ධව කටයුතු කිරීම යන චෝදනා මත මෙම පස්දෙනාට විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවත්, එම නිසා අපේක්‍ෂකත්වය ලබා නොදීමට තීරණය කර ඇති බවත් වීරකුමාර දිසානායක මහතා පවසනවා