News Line| Off Air
Generic placeholder image

Jan
20

චීනයේ ප්ලාස්ටික් භාවිතය අත්හිටුවීමට දැවැන්ත සැළැස්මක්

675 Views


චීනයේ ප්ලාස්ටික් භාවිතය අත්හිටුවීමට දැවැන්ත සැළැස්මක්

එක් වරක් පමණක් භාවිත කල ප්ලාස්ටික් භාවිතය අත්හිටුවීමේ දැවැන්ත සැළසුමක් ප්‍රකාශයට පත් කිරීමට ලොව වැඩිම ප්ලාස්ටික් භාවිතයක් සහිත රටක් වන චීනය සූදානම් වී තිබෙනවා.

මේ අනුව දිරාපත් නොවන මලු මෙම වසර අවසානයට පෙර ප්‍රධාන නගර කිහිපයක භාවිතය තහනම් කෙරෙනු ඇති.

2022 වසර වනවිට සමස්ත චීනය පුරා එම තහනම බලාත්මක කිරීමට ඔවුන් සැලසුම කර ඇති අතර බීම වර්ග පානය සඳහා යොදාගන්නා බටද මෙම වසර අවසානයේ සිට අවන්හල් තුල භාවිතය අත්හිටුවීමට නියමිතයි.

ප්ලාස්ටික් භාවිතය ඉහළ යාම හමුවේ චීනය දැවැන්ත පාරිසරික ගැටලු රැසකට මුහුණපා සිටිනවා.

එරට විශාලතම අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයට තවදුරටත් කසළ බැහැර කිරීමට නොහැකි වීමද ඒ අතර වන බව විදෙස් වාර්තා පැවසුවා.

පාපන්දු ක්‍රීඩාංගණ 100 ක පමණ විශාලත්වයෙන් යුත් මෙම ස්ථානයේ නියමිත කාලයට වසර 25 කට පමණ පෙරදී සීමාව ඉක්මවා යාම විශේෂත්වයක්.

2017 වසරේදී චීනය එක්රැස් කර තිබූ සමස්ත කසළ ප්‍රමාණය ටොන් මිලියන 245 ක් බව එරට වාර්තාවල දැක්වෙනවා.

ආසියානු රටවල් වන තායිලන්තය සහ ඉන්දුනීසියාවත් මේ වනවිට මීට සමාන ප්ලාස්ටික් තහනමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post