එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කරමින් සිව්වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු සනත් ජයසූරිය අභිභවා යාමට ඉන්දීය පිතිකරු රෝහිත් ශර්මා සමත්වී තිබෙනවා.
ඒ, ඕස්ට්‍රේලියාව සමග පැවැති 03 වන එක්දින තරගයේදී ලකුණු 119 ක් රැස් කර ගනිමින්. එය ඔහුගේ 29 වන ශතකයයි.
මෙතෙක් සනත් ජයසූරිය එම ලේඛනයේ සිව්වන ස්ථානයේ පසුවූයේ ශතක 28 ක් රැස්කර ගනිමින්.
රෝහිත් ශර්මාගේ ශතක 29 න් 19 ක්ම 2017 වසරෙන් පසු ඉනිම් 70කදී වාර්තා වී තිබීම විශේෂත්වයක් වනවා.
2017 ට පෙර ඉනිම් 147 කදී ඔහු වාර්තා කර තිබුණේ ශතක 10 ක් පමණයි.
මේ අතර එක්දින ක්‍රිකට් පිටියේ අවස්ථා 100 කට වඩා ලකුණු 50 ක් හෝ ඊට වැඩියෙන් රැස්කළ පළමු ක්‍රීඩකයින් 05 දෙනා අතරට එක්වීමට ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සමත්වී තිබෙනවා.
අවස්ථා 145 කදී එම කඩඉම පසුකර ගිය ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් එම ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවනවා.
අවස්ථා 118 කදී ලකුණු 50 ක් හෝ ඊට වැඩියෙන් රැස්කරමින් එම සටහනේ දෙවන ස්ථානය ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරට හිමි කරගෙන තිබෙනවා.