News Line| Off Air
Generic placeholder image

Jan
20

ලොව දුගී 460 කෝටියක් භාවිත කරන මුදල්වලට වඩා වැඩි ප්‍රමාණයක් ධනවත්ම 2153 දෙනා භාවිතා කරයි

672 Views


ලොව දුගී 460 කෝටියක් භාවිත කරන මුදල්වලට වඩා වැඩි ප්‍රමාණයක් ධනවත්ම 2153 දෙනා භාවිතා කරයි

ලොව දුගීම පුද්ගලයින් හාරසිය හැට කෝටියක් භාවිත කරන මුදල්වලට වැඩි මුදල් ප්‍රමාණයක් ලොව ධනවත්ම පුද්ගලයින් 2153 දෙනා පසුගිය වසරේදී භාවිත කර ඇතැයි ජාත්‍යන්තර සහන සංවිධානයක් සදහන් කර තිබෙනවා.

ලොව කාන්තාවන් හා තරුණියන් වැටුප් නොමැතිව සපයන සේවා කාලසීමාවේ වාර්ෂික මුල්‍යමය වටිනාකම ලොව තාක්ෂණික කර්මාන්ත ආදායම මෙන් තුන් ගුණයක් බව ඔවුන් නිකත් කළ වාර්තාවක දැක්වෙනවා.

ලොව පුරා කාන්තාවන් වැටුප් හෝ ඇගයීමක් නොමැතිව දිනකට සේවයේ යෙදෙන පැය ගණන එකසිය දොළොස් කෝටි 50 ලක්ෂයක් බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.

ලෝක ආර්ථික වර්ධනයේ සැගවුණූ බලවේගය විවිධ දුශ්කරතා මධ්‍යයේ සේවය කරන කාන්තාවන් බවයි අදාල සංවිධානය සිය වාර්තාව ඔස්සේ අවධාරණය කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post