News Line| Off Air
Generic placeholder image

Jan
20

පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩි කෙරේ

716 Views


පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩි කෙරේ

පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මීට පෙර පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 35 ක් බව අධිකරණය විසින් නියෝගයක් ලබාදී ඇති අතර අධිකරණ තීරණය සමාලෝචනය කොට ශිෂ්‍ය සංඛ්‍යාව 40 ක් දක්වා වැඩි කර ගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය 2 වනදා ඉදිරිපත් කර තිබූ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමුවුණා.

ප්‍රාථමික පන්ති සඳහා ගුරු සහායකයින් බඳවා ගැනීමේ සෞභාග්‍යයේ දැක්ම, ජාතික ප්‍රතිපත්තියට අනුව, ප්‍රාථමික පන්ති භාර ගුරුවරයාට මෙතෙක් තිබූ පීඩනය සහ කළමනාකරණයේ අපහසුතාවයන් අවසන් වනු ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ අනුව ශිෂ්‍ය සංඛ්‍යාව 35 සිට 40 දක්වා වැඩි කිරීමේ තීරණයට පසුබිම නිර්මාණය වන්නේ ද මෙම ගුරු සාහකයින් පත් කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයයි.


News Articles
Latest Videos
Most Popular Post