News Line| Off Air
Generic placeholder image

Jan
21

උපාධිධාරීන්ට රැකියා ලබාදීම මාර්තු 01දාට පෙර

1310 Views


උපාධිධාරීන්ට රැකියා ලබාදීම මාර්තු 01දාට පෙර

උපාධිධාරීන් රැකියා විරහිතව මහ පාරේ කාලය ගත කිරිම වෙනුවට ඔවුන්ට රැකියා ලබා ගත හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතු බවත් එතෙක් රැකියා අපේක්ෂිත උපාධිධාරීන්ගේ වගකීම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ රජය භාර ගන්නා බවත් සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විශ්ව විද්‍යාල සිසුන් මහ පාරේ පහර කෑමට ලක් වූ යුගය අවසන් කිරීමට වත්මන් රජයට හැකි වූ බවයි. ඊයේ(20) අනුරාධපුරේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ,

“රැකියා විරහිත උපාධිධාරීන්ට රාජ්‍ය සේවයට එක්විමට වරම් ලබා දීම තමයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ රජයේ අපේක්ෂාව. මාර්තු මස 01ට පෙර රැකියා ලබා දීම ආරම්භ කරනවා. සියලුම රාජ්‍ය සේවකයන්ට නිරන්තර පුහුණු වීම්, විදේශ රටවල ක්‍රියාත්මක පුහුණු ක්‍රමවේදයන් හඳුන්වා දී කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කරන අතර ඔවුන්ට ද මෙමඟින් සිය රාජකාරි පහසුවෙන් ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව හිමි වෙනවා.

අපි දන්නවා මේ රජය බලයට පත් වුණාට පස්සෙ සිසුන්ට එළව එළවා පහර දීමක් සිදු වුණේ නෑ. පසුගිය කාලෙ දිගටම සිදු වුණේ උපාධිධාරීන් ආණ්ඩුවේ මැරයන්ගේ ප්‍රහාරයට ලක් වීමයි. අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය පවා යාවත්කාලීන කරන ක්‍රමවේදයකට යා යුතුයි. රැකියා විරහිත උපාධිධාරීන් මහපාරේ කාලය ගත කරනවා වෙනුවට රැකියා ලබා ගත හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතුයි. එතෙක් දැනට සිටින රැකියා විරහිත උපාධිධාරීන්ගේ වගකීම ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ රජය භාරගන්නා බව කියන්න ඕනෙ.” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post